Battle of two galaxies

The conflict between the two clusters of galaxies, the dog star is reportedly making a series of wonderful scenes.
NASA has said that it has expanded its brightness tossed a pair of galaxies known as the NGC2207 and IC2163.
The battle over the last 15 years in supernova explosions, and they have been generous to generate 3 X-ray light, super bright, we have seen so far.

Battle of two galaxiesX-ray source, or ULX  known as the X-rays are a couple common issue that is brighter than most. Another star of the stellar mass of a neutron star or a black hole, around the center of the couple on a strong attraction to come off the star’s mass moving around because they are issued by the X-ray heated up after hundreds of millions of centigrade.

Scientists believe that the Milky Way spiral galaxies spiral arms phylacteries new stars are born in such conflict with each other, they break down very fast as the stars and clouds of gas and stars in the cluster is created. The galactic conflict while it is still a baby who had been in a billion years. NGC2207 and IC2163 force at 130 million light-years away, and it was discovered by John Herschel in 1835.

මහ බල්ලා තාරකා රාශියට අයත් මන්දාකිණි දෙකක ගැටුමක් විසින් අසිරිමත් දර්ශන පෙළක් ලබාදෙමින් ඇතැයි වාර්තා වේ.

NGC2207 හා IC2163 ලෙස හැඳින්වෙන මෙම මන්දාකිණි යුගලය දීප්තිය විහිදුවමින් ගැටෙමින් ඇති බව නාසා ආයතනය පවසා තිබේ.

මෙම සටන නිසා පසුගිය වසර 15ක කාලය තුළ සුපර්නෝවා පිපිරීම් 3ක් ජනිත කර ඇති අතර ඔවුන් මෙතෙක් අප දැක ඇති සුපිරි දීප්තිමත් එක්ස් කිරණ ආලෝකයන්ද ලබාදීමට ත්‍යාගශීලී වී ඇත.

අතිදීප්තිමත් එක්ස් කිරණ මූලාශ‍්‍රයන් හෙවත් ULX ලෙස හැඳින්වෙන මේවා එක්ස් කිරණ නිකුත් කරන සාමාන්‍ය යුග්මයන්ට වඩා බොහෝ දීප්තිමත් බව පැවසේ. තාරකාවක් තවත් නියුට්‍රෝන තාරකාවක් හෝ තාරීය ස්කන්ධ කළු කුහරයක් වටා ගමන් කරන යුග්මයකදී මධ්‍යයේ ඇති ප‍්‍රබල ආකර්ෂණ බලය නිසා වටේ ගමන් කරන තාරකාවේ ස්කන්ධයන් ගැලවී එන අතර ඒවා සෙන්ටිගේ‍්‍රඞ් මිලියන ගණනක් දක්වා රත්වූ පසු එක්ස් කිරණ නිකුත් වේ.

ක්‍ෂීරපථය ආකාරයේ සර්පිලාකාර මන්දාකිණිවල සර්පිල බාහුවල නව තාරකා ඉපදෙන අතර එවැනි බාහු එකිනෙක ගැටුම නිසා ඒවා අතර ඇති වායු වළාකුළු බිඳ වැටී ඉතා වේගවත් ලෙස තාරකා සහ තරු පොකුරු නිර්මාණය වන බව විද්‍යාඥයින්ගේ අදහසයි. මෙම මන්දාකිණි ගැටුම තවමත් ළදරු අවධියේ පසුවන අතර එය තවත් වසර බිලියනයක් පවතිනු ඇතැයි පැවසේ.  NGC2207 හා IC2163 යුග්මය ආලෝක වර්ෂ 130ක් ඈතින් පිහිටා ඇති අතර එය 1835දී ජෝන් හර්ෂල් විසින් සොයා ගන්නා ලදී.

Comments are closed.